සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් මත කොවිඩ් –19 මෘතදේහ ගැසට් නිවේදනයට අනුකූලව තවදුරටත් ආදාහනය කරන බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසයි.
‘ශ්‍රි ලංකාවේදී කොවිඩ් –19 වෛරසයෙන් මිය යන පුද්ගලයකුගේ මෘත දේහ තවදුරටත් ආදාහනය කෙරෙන ක්‍රමවේදයේ වෙනසක් කරනවා නම් සෞඛ්‍ය ඇමැතිතුමිය ඒ සම්බන්ධයෙන් මැදිහත් වී එම ආදාහනය කිරීමට අදාළ ගැසට් නිවේදනය සංශෝධනය කළ යුතුයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් දැනුම් දී තිබෙන්නේ ඒ ඒ රටවල් තම රටට ගැළපෙන ක්‍රමවේදයක් සකස් කරගෙන කොවිඩ් 19 මරණවලට අදාළ අවසන් කටයුතු සිදුකළ යුතුයි කියල. ඒ අනුව කොවිඩ්-19 වෛරසයෙන් මියගිය කෙනෙකුගේ අවසන් කටයුතු තවදුරටත් ආදාහනය කරනු ලබනවා.’