මේ රටේ සනීපාරක්ෂක තුවා භාවිත කරන්නේ කාන්තාවන්ගෙන් 30%ක ප්‍රතිශතයක් පමණක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
මේ නිසා මුත්‍රා මාර්ගික ආසාදන, බැක්ටීරියා ආසාදිත ගැටිති, ගැබ්ගෙළ පිළිකා, වකුගඩු ආසාදන, නොමේරු උපත්, ගබ්සාව සහ ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග සඳහා මේ රටේ කාන්තාවන් නිරන්තරයෙන් මුහුණ දෙන බව විපක්ෂ නායකවරයා පෙන්වා දෙයි.
ආණ්ඩුව මේ වන විටත් සනීපාරක්ෂක තුවා සඳහා බදු අය කරන බවත් මේ නිසා ජනතාව ආර්ථව දරිද්‍රතාව හට ගෙන ඇති බවත් ඔහු සඳහන් කරයි.
පාසල් සිසුවියන් සඳහා සනීපාරක්ෂක තුවා නොමිලේ ලබා දීමට ආණ්ඩුව කටයුතු කිරීම විපක්ෂ නායකවරයාගේ ප්‍රසාදයට හේතු විය.