කොරෝනා මෘතදේහ භූමදානයට ඉඩදිය යුතු බව ද ඉඩ නොදිය යුතු බව ද පවසන කණ්ඩායම් කමිටුවට පත්කර ඒ පිළිබඳ සලකා බැලීමට ආණ්ඩුව කටයුතු කළ ද අවසාන තීන්දුව ගැනීමේ වගකීම රජයට තිබිය යුතු බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසයි.
මේ රටේ ජනතාව කමිටුවලට ඡන්දය නොදුන් බවත් ජනතාව ඡන්දය ලබා දී ඇත්තේ ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට බවත් ඔහු පවසයි.
එහෙයින් ඕනෑම කටයුත්තක් පිළිබඳ විද්වත් කමිටුවලට නිර්දේශ ලබා දිය හැකි වුවත් අවසාන තීන්දුව ගතයුත්තේ ආණ්ඩුව බව ඇමැතිවරයා පෙන්වා දෙයි.
එය ඇමැතිවරයෙකු ලෙස තමා පවසන දෙයක් නොව රට පාලනය කිරීමට 2/3ක බලයක් ලබා දුන් ජනතාව කියන පණිවිඩයක් බව ද දිලුම් අමුණුගම වැඩි දුරටත් සඳහන් කළේ ය.
එසේ ම කමිටුවලට බලපෑම් කිරීමේ උවමනාවක් රජයට නැති බවත් එසේ නම් ඕනෑ ම තීන්දුවක් රජයට කමිටු පත් නොකර ගැනීමට තිබූ බවත් ඔහු අවධාරණය කරයි.
මාධ්‍ය හමුවක දී රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ය.