කොරෝනා මර්දනයට මිත්‍යා විශ්වාස පසුපස දිවීමට වඩා විද්‍යානුකූල ක්‍රමවේද අනුගමනය කළ යුතු බව හිටපු සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි.
වර්තමාන පරිසර අමාත්‍යංශ ලේකම්වරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ මාධ්‍ය හමුවක දී ය.
කොරෝනා රෝගය සඳහා ලොව පුරා ඖෂධ ගණනාවක් සොයා ගෙන ඇති බවත් ලංකාවේ පිරිසක් ඒ මත විශ්වාසය තබන අතර තවත් පිරිසක් මිත්‍යාව පසුපස දුවන බවත් ජාසිංහ සඳහන් කරයි.
2021 වසරේ මුල් මාස හය ඇතුළත කොරෝනා ඖෂධය ශ්‍රී ලංකා ජනගහනයෙන් 20%ක් සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය නොමිලේ ලබා දෙන බව බෝවන රෝග අංශ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර ප්‍රකාශ කළේ ය.