බදියුදීන් සිදුකළ කල්ලාරු වන සංහාරය සුවිශාලයි….! නැවත වගාවට වන සංරක්ෂණේ පැළ මදිවෙයි…!

January 1, 2021 at 11:11 am | by emanisa.lk

අභියාචනාධිකරණය රිෂාඩ් බදියුදීන්ට ලබාදුන් තීන්දුවට අනුව විල්පත්තුව, කල්ලාරු රක්ෂිතයේ පැළ සිටුවීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතුව පවතින පැළ කිසිසේත් ප්‍රමාණවත් නොවන බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මේ නිසා අලුතින් පැළ වගා කිරීමට සිදුවන බවද එම දෙපාර්තමේන්තුව පවසයි.

පැළ සිටුවීමට වැයවන වියදමට තක්සේරු වාර්තාව මෙමස 16 වැනිදා පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ට බාරදීමට නියමිත බව ද පැවැසේ.

දැවැන්ත වන විනාශයක් සිදු කරන ලද කල්ලාරු රක්ෂිතයේ නැවත පැළ සිටුවීම සඳහා වැයවන මුදලට අදාළ තක්සේරු වාර්තාව සකස් කිරීම සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පසුගියදා කමිටුවක් පත් කරනු ලැබීය.

එම කමිටුව කල්ලාරු රක්ෂිතයේ පරිසර හානිය නිරීක්ෂණය කළ බවත්, ඒ අනුව හානිය තක්සේරු කිරීම මේ දිනවල සිදු කරන බවද වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව කියයි. රක්ෂිත කලාපයේ අලුතින් සිටුවන පැළ අවම වශයෙන් වසර පහකට වැඩි කාලයක් රැක බලාගැනීමට සිදුවන බවත්, ඊට අදාළ සම්පූර්ණ වියදම මන්ත්‍රීවරයාගෙන් අයකර ගැනීමට සිදුවන බවත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසුවේ ය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස