කල්ලාරුවේ අක්කර 2500ක් නැවත වවන්න නියෝග! බදියුදීන්ට රු. ලක්ෂ 5000ක් ගෙවන්න වෙයි!

November 19, 2020 at 11:24 am | by emanisa.lk

අධිකරණ තීන්දුව අනුව විල්පත්තු වනාන්තරයේ පරිවාර වනාන්තර වන කල්ලාරු ඇතුළු වනාන්තර අක්කර 2500කට අධික ප්‍රමාණයක් නැවත වගා කිරීමට සිදුව ඇතැයි වාර්තා වෙයි. මෙම වනාන්තර අක්කරයක් නැවත වගා කිරීම සඳහා රු. ලක්ෂයකට අධික මුදලක් වැය වනු ඇතැයි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ඩබ්.ඒ.සී. වේරගොඩ පවසයි.

මෙම නැවත වන වගාව හිටපු ඇමැති රිෂාඩ් බදියුදීන්ගේ පෞද්ගලික මුදලින් සිදුකරන ලෙස අධිකරණය නියෝග කර තිබේ. ඒ අනුව රු. කෝටි 50කට අධික මුදලක් ඒ සඳහා වැයවනු ඇතැයි පැවසෙයි.

මෙම නැවත වන වගාව වසර 05ක් පමණ රැකබලාගත යුතු බව ද මෙතරම් විශාල වනභූමියක් නැවත වගා කිරීම සඳහා ප්‍රමාණවත් පැල නොමැති නිසා නව පැල තවාන් ඇති කළ යුතු බවත් ඩබ්.ඒ.සී. වේරගොඩ වැඩි දුරටත් සඳහන් කළේ ය.

එම භූමි වෙත ගොස් මිනුම් කර මාස දෙකක් ඇතුළත ඒ සඳහා වැය වන මුදල හිටපු ඇමැති බදියුදීන්ට දැන්වීමට නියමිත බව ද ඔහු පැවසුවේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස