බරවාහන රියදුරන්ට වාර්ෂික රුධිර පරික්ෂාවක්! මත්ද්‍රව්‍ය ගෙන තිබුණොත් ලයිසන් කැන්සල්!

December 29, 2020 at 8:17 am | by emanisa.lk

මත්ද්‍රව්‍ය භාවිත කරන බවට හඳුනා ගන්නා පුද්ගලයන්ට ලබන වසරේ සිට බර වාහන රියැදුරු බලපත්‍ර නිකුත් නොකිරීමට ප්‍රවාහන අමාත්‍යංශය තීරණය කර තිබේ.

ලබන පෙබරවාරියේ සිට මෙම ක්‍රමය ක්‍රියාත්මක කෙරෙන බවත් බර වාහන බලපත්‍ර ඉල්ලුම් කරන පුද්ගලයන් සම්බන්ධයෙන් සිදු කෙරෙන විශේෂ රුධිර පරීක්ෂණයේ දී වසරක් ඇතුළත මත්ද්‍රව්‍ය ගෙන ඇති බව තහවුරු වුවහොත් ඔවුන්ට බලපත්‍ර නිකුත් නොකරන බව ද රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම ප්‍රකාශ කරයි.

මේ ආකාරයට බර වාහන රියදුරන් වාර්ෂිකව රුධිර පරික්ෂාවකට ලක්කරන අතර පසුගිය වසරේ දී මත්ද්‍රව්‍ය ගෙන ඇතැයි තහවුරු වුවහොත් රියදුරු බලපත්‍ර අවලංගු කරන බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කළේ ය.

බර වාහන රියදුරන් සහ පෞද්ගලික බස් රියදුරන් මත්ද්‍රව්‍ය භාවිත කර වාහන ධාවනය කරන බව සහ එය රිය අනතුරු සඳහා මූලික හේතුවක් බවට ලැබී ඇති පැමිණිලි පිළිබඳ අවධානය යොමු කර ඇමැතිවරයා මෙම තීන්දුව ගෙන තිබේ.

අදාළ රුධිර පරික්ෂාව සඳහා උවමනා උපකරණ මිලයට ගැනීමට මේ වන විට ද ටෙන්ඩර් කැඳවීමට කටයුතු යොදා ඇතැයි වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *