සජිත් ප්‍රේමදාස නායකත්වය දරන ‘සමගි ජන බලවේගයේ’ ව්‍යවස්ථාව එම පක්ෂයේ අන්තර්කාලින කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් අනුමතකර ඇත.
ඒ පසුගිය සෙනසුරාදා බණ්ඩාරවෙල හෝටලයේ පැවති විශේෂ රැස්වීමක දී ය.
එම ව්‍යවස්ථාවට අනුව පක්ෂනායක තනතුරක් ස්ථාපිතකර ඇති අතර නියෝජ්‍ය නායක හෝ උප නායක තනතුරු හෝ වෙනත් කිසිඳු අනු නායක තනතුරු ඇති කිරීමට පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයින් සියලු දෙනා ම එකහෙළා විරෝධය පළකර ඇත. එම ව්‍යවස්ථාවට අනුව සෑම වසරක දී ම විධායක සභාව විසින් පක්ෂ නායකයා තෝරාගනු ලබයි.
එම ව්‍යවස්ථාවට අනුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පක්ෂ නායකයා ලෙස පත්කිරීමට නියමිතය. පක්ෂය සඳහා සභාපති තනතුරක් ස්ථාපිත කර ඇති අතර ඒ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් පත්කිරීමට නියමිතය.
එකී ව්‍යවස්ථාවට අනුව ජ්‍යෙෂ්ඨ උප සභාපති තනතුරු 06ක් වන අතර උප සභාපතිවරු තනතුරු 05ක් ද ස්ථාපිත කර ඇත. කුමාර වෙල්ගම, රාජිත සේනාරත්න, චම්පික රණවක, තලතා අතුකෝරල, ඉමිතියාස් බාකිර් මාකර් හා සරත් ෆොන්සේකා යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරුන් ලෙස යෝජනා වී ඇත.
එසේ ම රවී සමරවීර, සුජීව සේනසිංහ, අජිත් පි. පෙරේරා, චන්ද්‍රානි බණ්ඩාර හා රන්ජිත් අලුවිහාරේ උප සභාපතිවරුන් ලෙස යෝජනා වී තිබේ.
පක්ෂයේ ජාතික සංවිධායක ධුරය තිස්ස අත්නායකට ද මහ ලේකම් ධුරය රංජිත් මද්දුමබණ්ඩාරට ද උප ලේකම් ධුරය අශෝක් අබේසිංහට ද හිමිවනු ඇතැයි දැන ගන්නට තිබේ.