අද (16) පැවති ලංකා ප්රිමියර් ලීග් තරඟාවලියේ ශූරතාව දිනා ගැනීමට ජැෆ්නා ස්ටෑලියං කණ්ඩායම සමත් විය. තරඟාවලියේ අනශූරතාව ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට හිමි විය.
පළමුවෙන් පන්දුවට පහර දුන් ජැෆ්නා ස්ටෑලියං කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 06 දැවී ලකුණු 188ක් ලබා ගත් අතර ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට පන්දු වාර 20 අවසානයේ කඩුලු 09ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 135ක් පමණි.