මේ වෙලාවේ LPL ගහන එක සාධාරණ නෑ! විදෙස් ක්‍රීඩකයන්ට ගෙවන ඩොලර්වලින් ජනතාවට සහන දෙන්න! – චමින්ද විජේසිරි

November 27, 2020 at 8:00 pm | by emanisa.lk

රටේ දැඩි වසංගතයක් පවතින අවස්ථාවක ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියන පැවැත්වීම පිළිබඳ තමා අකමැති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි පවසයි.

මේ අවස්ථාවේ බෝල ගසා සතුටු විය හැකි මානසිකත්වයක් යම් ඇමැතිවරයෙකුට ඇත්නම් එය ඉතා ම පහත් තත්ත්වයක් බව ඔහු සඳහන් කරයි.

මේ වන විට එළවළු ගොවීන් සිය අස්වනු විකුණාගත නොහැකි වී අසරණව ඇති බව ද විදෙස් ක්‍රීඩකයන්ට ගෙවන ඩොලර් එම ගොවීන්ට ගෙවා එම අස්වනු මිල දී ගෙන ජනතාවට සහන ලබා දෙන ලෙස ඔහු ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේ ය.

කෙසේ වුවද මෙම තරඟාවලිය සඳහා රාජ්‍ය මුදල් යොදා නොගන්නා අතර ඒ සඳහා කණ්ඩායම් මිල දී ගත් ධනවතුන් ඇතුළු කණ්ඩායම් විසින් ආයෝජනය කරන බව ප්‍රසිද්ධ රහසකි.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *