LPL පළමු තරඟය ම ලොව පුරා මිලියන 100ක් බලලා! – චන්ද්‍රිකා දත්ත අනාවරණය කරයි..

November 27, 2020 at 10:29 am | by emanisa.lk

ශ්‍රී ලංකාවේ ආරම්භ කළ ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ පළමු තරඟය ලොව පුරා මිලියන 100කට අධික පිරිසක් නරඹා ඇතැයි වාර්තා වෙයි.

මෙම ප්‍රමාණය ලංකාවේ ජනගහනය මෙන් පස් ගුණයක් පමණ වන අතර ලංකාවේ පැවති තරඟාවලියක් නැරඹු විශාලම පිරිස මෙය බව සැලකෙයි.

ඇමරිකානු චන්ද්‍රිකා දත්ත පදනම් කරගෙන මෙම ගණනය කිරීම් සිදුකර තිබේ.

එය මෙම තරඟාවලිය ආරම්භයේ දී ම ලොව පුරා අවධානය දිනාගත් බවට ප්‍රබල සාක්ෂියක් වන අතර තරඟාවලියේ සාර්ථකත්වය ද කියා පාන්නකි.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *