LPL ගහන්න රජයේ සතයක් වියදම් වුණේ නෑ! එය රටට ආදායම් උපයා දෙනවා! – නාමල්

December 6, 2020 at 8:02 am | by emanisa.lk

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය (LPL) සඳහා ශ්‍රී ලංකා රජය හෝ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කිසිදු මුදලක් වැය කර නොමැති බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ඊයේ (05) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ ය.

සමගි ජන බලවේගයේ මන්ත්‍රි චමින්ද විජේසිරි වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ය.

LPL තරඟාවලියට වැයවන සියලු මුදල් අනුග්‍රාහකයන් මාර්ගයෙන් ලැබෙන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට මෙම තරඟාවලිය මගින් ආදායමක් ලැබෙන බවත් නාමල් රාජපක්ෂ පෙන්වා දුන්නේ ය.

කෙසේ වුවද පසුගියදා රූපවාහිනි වැඩසටහනකට එකතු වෙමින් චමින්ද විජේසිරි සඳහන් කළේ LPL තරඟාවලියට තමා අකමැති බවත් ඒ සඳහා පැමිණෙන විදෙස් ක්‍රීඩකයන්ට ගෙවන ඩොලර් මේ රටේ ජනතාවට සහන ලබාදීමට වෙන්කළ යුතු බවත් ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *