සියලු ලාංකික මුස්ලිම්වරුන්ට මාලදිවයිනට ආරාධනා කරන්න! – ශ්‍රී ලංකාවට රාජතාන්ත්‍රික ප්‍රහාරයක්….

December 16, 2020 at 4:17 pm | by emanisa.lk

ශ්‍රී ලංකාවේ සිටින මුස්ලිම් ජාතිකයන් සියලු දෙනාට සිය රට් පදිංචිය සඳහා පැමිණෙන්නැයි මාලදිවයින් රජය විසින් ආරාධනා කළ යුතු බව එරට හිටපු වි‍දේශ ඇමති දුන්යා මවුමූන් පවසයි.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඇය මේ බව සඳහන් කරයි.

කොරෝනා වෛරසය හේතුවෙන් මිය යන මුස්ලිම් ජාතිකයන්ට ඉස්ලාම් දහමට අනුකූලව ගෞරවණීය ලෙස මිහිදන් වීමේ අයිතිය තිබෙන බවත්, ශ්‍රී ලංකා රජය එම අයිතියට ගරුකළ යුතු බවත් ඇය වැඩිදුරටත් පවසයි.
එසේ සිදු නොවන්නේ නම් සියලු ශ්‍රී ලාංකික මුස්ලිම් ජාතිකයන් මාලදිවයිනේ පදිංචියට පැමිණිය යුතු බව ඇය අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස