පෑලියගොඩ මාළු වෙළෙඳපොළ යළි විවෘත කරයි!

December 16, 2020 at 8:43 am | by emanisa.lk

අද (16) උදෑසන පෑලියගොඩ මාළු වෙළෙඳපොළ තොග වෙළඳාම සඳහා නැවත විවෘත කර තිබේ. ඒ මෙතෙක් සිල්ලර වෙළඳාම කළ කොටසේ ය. ඒ සමග රථ වාහන නැවතුම් පොළ ද නැවත විවෘත කර තිබේ.

තොග වෙළෙඳපොළ පැවති ස්ථානයේ සිදු කරන ප්‍රතිසංස්කරණ කටයුතු නිමා වූ බව මෙම වෙළෙඳපොළ තොග සහ සිල්ලර වෙළඳාම සඳහා ද විවෘත කරන බව රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර පවසයි.

කොරෝනා වසංගත තත්ත්වය නිසා පෑලියගොඩ වෙළෙඳපොළ වසා දැමුවේ පසුගිය ඔක්තෝබර් 21 වෙනි දාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *