මේ රටේ බුදු දහම රැකගැනීම අන්‍ය ආගමිකයන්ගේත් වගකීමක්! – කාදිනල්තුමා

December 5, 2020 at 10:16 pm | by emanisa.lk

මේ රටේ ජීවනාලිය වන්නේ අවුරුදු 2600ක් තිස්සේ මේ රට පෝෂණය කළ බෞද්ධ චින්තනය බව මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමා පවසයි.

අප සියලු දෙනා හුස්ම ගන්නේ සිරිමහ බෝධියේ, දළදා මාළිගාවේ සහ රුවන්වැලිසෑ කොත් කැරැල්ලේ වැදෙන සුළඟ බවත් මේ රට තුළ බුදු දහම රැක ගැනීම සියලු ආගමිකයන්ගේ වගකීමක් වන බවත් කාදිනල් හිමි සිහිපත් කළේ ය.

අනෙකුත් ආගමිකයන් ද මේ පොදුගුණය සමග අත්වැල් බැඳගත යුතු බවත් එය රැක ගැනීමට එකතු විය යුතු බවත් එහිමියන් ප්‍රකාශ කළහ.

එසේ නොමැතිව එයත් සමග තරඟ කරමින් එය ඉවත් කර අනාගමික ශිෂ්ටාචාරයක් ගොඩනඟා මේ රට දියුණු කළ නොහැකි බව අගරදගුරුතුමා අවධාරණය කළේ ය.

පොළොන්නරුව ඉසිපතන රජමහා විහාරාධිපති පූජ්‍ය උඩුගම ධම්මරතන හිමියන්ගේ 81ක් වන ජන්ම දිනය නිමිත්තෙන් අද (05) දහවල් පැවැති දානමය පිංකමට විශේෂ ආරාධිතයකු ලෙස සහභාගී වෙමින් කාදිනල්තුමා මේ බව ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස