මට ළඟදි මහ බැංකු හොරෙක් කතා කළා! එයලාගේ අලුත් රූපවාහිනි චැනල් එකෙන් සපෝර්ට් කරනවා කීවා! – රංජන්

November 25, 2020 at 10:36 pm | by emanisa.lk

මහ බැංකු බැඳුම්කර වංචාවේ චූදිතයෙකු වන අර්ජුන් ඇලෝසියස් තමන්ට මෑතක කතා කළ බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක පවසයි.

එසේ කතා කර තමා ඉතා ම හොඳට කතා කරන බවත් සටන් කරන බවත් සඳහන් කරමින් ඔවුන් ආරම්භ කිරීමට යන රජත ටීවී රජත එෆ්එම් යන රූපවාහිනී ගුවන්විදුලි නාළිකාවල වැඩි ඉඩක් ලබා දෙන බව සඳහන් කළ බව මන්ත්‍රීවරයා සඳහන් කරයි.

අද (25) පාර්ලිමේන්තුවේ දී 2021 අයවැය – ජනමාධ්‍ය වැය ශීර්ෂ විවාදයට එකතු වෙමින් රංජන් රාමනායක මේ බව සඳහන් කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස