මහින්ද මැතිවරණ කොමිසමෙන් සීමා නිර්ණය කොමිසමට!

November 15, 2020 at 8:08 am | by emanisa.lk

මැතිවරණ කොමිසමේ සභාපති ධුරයෙන් විශ්‍රාම ගත් මහින්ද දේශප්‍රිය මැතිවරණ සීමා නිර්ණය කොමිෂන් සභාවේ සභාපති ධුරයට පත්කෙරෙනු ඇතැයි දේශපාලන අංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ හැර ස්වාධීන කොමිසම් සභා ගණනාවක සභාපති ධුර සඳහා සුදුස්සන් ගණනාවක් රජය විසින් තෝරාගෙන තිබේ.

අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවේ සභාපති ධුරයට හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඊවා වනසුන්දර මහත්මියද, රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සභාපති ධුරයට හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඩී.ජේ. ද එස්. බාලපටබැඳි, රාජ්‍ය මුදල් කොමිසමේ සභාපති ධුරයට හිටපු කැබිනට් ලේකම් සුමිත් අබේසිංහ, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ධුරයට නීතිඥ නිමල් පුංචිහේවා, මානව හිමිකම් කොමිසමේ සභාපති ධුරයට හිටපු ආණ්ඩුකාරවරයකු වන ආචාර්ය ජගත් බාලසූරිය ද පත්කෙරෙන බව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.

මෙම පත්වීම් අද හෙටම සිදුකෙරෙනු ඇතැයි දැනගන්නට තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස