කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් රැඳවියන් 94 දෙනෙකු බන්ධනාගාර දෙකකින් හමුවූ බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
එලෙස වාර්තා වූ කොරෝනා ආසාදිත රැඳවියන්ගෙන් 80 දෙනෙකු බෝගම්බර පැරණි බන්ධනාගාරයෙන් ද සෙසු 14 දෙනා කුරුවිට බන්ධනාගාරයෙන් ද හමු වූ බව සඳහන් ය.
ඒ අනුව බන්ධනාගාර කොරෝනා පොකුරෙන් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 285ක් දක්වා ඉහළ ගොස් ඇත.