හිරේ ළගින්න බෑ දෙයියෝ! රාජිත අදම ඇප ඉල්ලයි! කිසිවෙකුට බලන්නත් බෑ! තුන්වේලට කල්දේරම් බත විතරයි!

May 14, 2020 at 11:18 pm | by emanisa.lk

හිටපු ඇමැති රාජිත සේනාරත්නට ඇප ලබා දෙන්නැයි ඉල්ලමින් ඔහුගේ නීතීඥයන් විසින් අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනුකර තිබේ.

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් තමන්ට ලබාදුන් ඇප නියෝගය කොළඹ මහාධිකරණය විසින් අවලංගු කිරීම කිරීමේ නියෝගය අවලංගු කරන ලෙස ද එම පෙත්සමෙන් ඉල්ලා ඇත.

හිටපු අමාත්‍යවරයා මේ වන විට දෙසතියක කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කිරීමෙන් පසුව මීගමුව බන්ධනාගාරය වෙත රැගෙන ගොස් තිබේ.

මේ අතර රක්ෂිත බන්ධනාගාර ගත කර මීගමුව පල්ලන්සේන විශෝධන මධ්‍යස්ථානයේ රඳවා සිටින හිටපු ඇමතිවරයාගේ සුවදුක් බැලීම සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කිහිප දෙනෙකු විසින් කර තිබූ ඉල්ලීම ප‍්‍රතික්‍ෂෙප වී ඇත.

කොරෝනා වෛරස් ව්‍යාප්තිය නිසා මේ දිනවල රැඳවියන් බැලීම සඳහා බාහිර කිසිවෙකුට අවස්ථාව නොදීම හේතුවෙන් මෙම අවසර ලබාදීම ප්‍රතික්ෂේප කර තිබේ.

ඒ අනුව බන්ධනාගාරයේ සිටින සියලුම රැඳවියන්ට ආහාර පාන ඇතුළු සියලු පහසුකම් බන්ධනාගාර දෙපාර්තමේන්තුව මගින් සපයයි.

රැඳවියන්ට ඔවුන්ගේ ඥාතීන් සහ අමුත්තන් මුණ ගැසීම සඳහා අවසර ලබාදෙන්නේ සෞඛ්‍යය නිර්දේශ මත බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස