කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීමට අවම මුදල් සංසරණයක් සඳහා යොමුවීම වැදගත් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
නව තාක්ෂණික ගෙවීම් ක්‍රම සඳහා යොමුවීම හෝ මුදල් හුවමාරුවෙන් පසු හොඳින් දෑත් සේදීම වෛරසයෙන් ආරක්ෂා වීමට ගතහැකි වැදගත් පියවරක් බව සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය සමන්ත ආනන්ද පෙන්වා දෙයි.
තව ද භාණ්ඩ හුවමාරුවේ දී ද සෞඛ්යාරක්ෂිත ක්‍රම අනුගමනය කිරීම වැදගත් වන බව වෛද්‍ය සමන්ත ආනන්ද වැඩි දුරටත් අවධාරණය කරයි.