21 වෙනි කොරෝනා මරණය මහරින්! හඳුනා ගත්තේ මරණ පරීක්ෂණයේ දී!

November 1, 2020 at 9:36 pm | by emanisa.lk

ශ්‍රී ලංකාවෙන් වාර්තා වන 21 වැනි කොරෝනා මරණය සිදු වී තිබේ. එසේ මියගොස් ඇත්තේ 40 හැවිරිදි පුද්ගලයෙකි.

ඔහු වැලිසර ළය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කඩවත මහර පදිංචි ව සිටි පිරිමි අයෙකි.

සෞඛ්‍ය අංශ පැවසුවේ අධි රුධිර පීඩනය සහ ස්වසන පද්ධතියේ ආසාදිත තත්ත්වයක් හේතුවෙන් ඔහු පසුගිය 23 වැනිදා රෝහල්ගත වී ඇති බව ය.

පළමු PCR පරීක්ෂණයෙන් ඔහු ආසාදිතයෙක් ලෙස හඳුනාගෙන නොමැත. එහෙත් ඊයේ (31) දින ඔහු මිය යෑමෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණයේ දී කළ දෙවැනි PCR පරීක්ෂණයේදී ඔහු කොවිඩ් ආසාදිතයෙක් ලෙස හඳුනා ගෙන තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස