කතානායක විස්සට අත්සන තබයි! අද සිට විස්ස බලාත්මකයි!

October 29, 2020 at 2:08 pm | by emanisa.lk

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනයට කතානායක මහින්ද යාපා අබේවර්ධන අද (29) අත්සන් තැබීය.

ඒ අනුව 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අද (29) සිට බලාත්මක වනු ඇත.

විසි වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ පනත් කෙටුම්පත තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් පාර්ලමේන්තුවේ දී ඉකුත් 22 දා සම්මත විය.

විසි වන සංශෝධන පනත් කෙටුම්පත සඳහා පාර්ලමේන්තු සංකීර්ණයේදී අද පෙරවරු 11.30 ට කථානායකවරයා සිය අත්සන් සහතිකය සටහන් කිරීම සිදු කළ බව පාර්ලමේන්තු මහලේකම් ධම්මික දසනායක අනාවරණය කළේ ය.

එම අත්සන් තැබීමේ අවස්ථාවට පාර්ලමේන්තුවේ නියෝජය මහ ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානි නීල් ඉද්දවල ද සහභාගි විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස