ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට නිකාබය තහනම් කරන ලෙස ජනරාල් ක්රිෂාන්ත සිල්වා ආරක්ෂක කවුන්සිලයේ දී යෝජනා කළ බව හිටපු අගමැති රනිල් වික්රමසිංහ පිළිගත්තේය.
මුස්ලිම් කාන්තාවන් සම්පූර්ණයෙන් මුහුණ වැසෙන සේ අඳින නිකාබය තහනම් කිරීමට තමා එරෙහිවූයේ එසේ තහනම් කළේ නම් අන්තවාදය බලවත් වන බවත් තම පක්ෂය සමග සිටින සාම්ප්රදායික මුස්ලිම් ජනතාව දුර්වල වන බවත් ඔහු සඳහන් කළේය.
සාම්ප්රදායික මුස්ලිම් සමාජයෙන් මුස්ලිම් අන්තවාදය පිළිබඳ තමා වෙත තොරතුරු ලැබුණ බවත් නිකාබය තහනම් කළේ නම් එම තොරතුරු නො ලැබී යන්නට ඉඩ තිබුණු බවත් හිටපු අගමැතිවරයා පෙන්වා දුන්නේය.
කෙසේ වුව ද සාම්ප්රදායික මුස්ලිම් සමාජයෙන් පාස්කු ප්රහාරය එල්ල වන තුරු තොරතුරු නොලැබුණා නොවේ දැයි විමසූ විට සහරාන්ගේ වීඩියෝ තමන්ට ද ලැබුණු බවය.