20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව තම සංඝ සභාව කිසිදු තීරණයක් මේ දක්වා ගෙන නැතැයි, අමරපුර සංඝ සභාවේ වැඩ බලන උත්තරීතර මහානායක සභාපති පූජ්‍ය ගන්තුනේ අස්සජී හිමියන් නිවේදනයක් නිකුත් කරමින් පවසති.
උන්වහන්සේ පෙන්වා දෙන්නේ තම නියෝජිත සංඝ සභාව, පාලක සංඝ සභාව හෝ විධායක සංඝ සභාව රැස්වී 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්තාව පිළිබඳව කිසිදු සාකච්ජාවක් නොකළ බවයි.
අමරපුර මහා සංඝ සභාව රැස්වී 20 වැනි ව්‍යාවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් කිසිදු සාකච්ඡාවක් සිදුකර නොමැති බවත් විධායකය දැනට වඩා ශක්තිමත් විය යුතු බව තම පෞද්ගලික මතය බවත් උන්වහන්සේ එම නිවේදනයෙන් පෙන්වා දෙති.
ඒ, ඊයේ එම සංඝ සභාවල ලේඛකාධිකාරී හිමිවරුන් කිහිප නමක් 20 වැනි සංශෝධන කෙටුම්පත අනුමත නොකරන බව පවසමින් පැවැත්වූ මාධ්‍ය හමුවට ප්‍රතිචාර දක්වමිනි.
කෙසේ වුවද සංවර්ධනාත්මක විවේචනවලට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදකයන් හොඳින් ඇහුම්කන් දිය යුතු බව ද උන්වහන්සේ වැඩිදුරටත් පවසති.
මෙම සංශෝධනයේ ගුණදොස් විවේචනය කිරීමට නම් එහි එක් එක් වගන්ති පිළිබඳව වෙන වෙනම අධ්‍යයනය කළ යුතු බව උන්වහන්සේ පවසති.