20 සම්මත කර පළාත් සභා ඡන්දය තබන සැලසුමක්!

October 4, 2020 at 8:01 am | by emanisa.lk

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වූ පසු පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා පළාත් සභා මැතිවරණ පනත සංශෝධනය කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසයි.

පසුගිය රජය විසින් පළාත් සභා මැතිවරණය කොට්ඨාස ක්‍රමයට පැවැත්වීමට නීතියක් සම්මත කර ඇතත් එම ඡන්ද ක්‍රමය සහ මන්ත්‍රීන් තෝරා ගැනීමේ ක්‍රමවේදය ගැන බරපතළ විවේචන තිබේ. එනිසා දැනට මහා මැතිවරණ සඳහා ක්‍රියාත්මක වන සමානුපාතික ඡන්ද ක්‍රමයට පළාත් සභා ඡන්දයක් පැවැත්වීම පිණිස අදාළ සංශෝධනය ඉදිරිපත් කරන බව ද අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කීය.

අප වෙත ලැබෙන ආරංචි මාර්ග අනුව 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් පසුව අයවැය ඉදිරිපත් කිරීමට නියමිතය. ඉන් අනතුරුව පළාත් සභා මැතිවරණ පනත සංශෝධනය කොට ඡන්දයට දින නියම කෙරෙනු ඇත.

deshaya

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස