මහ ජාතියේ අභිලාෂ නොතකා හැර ආණ්ඩු බලය ගන්න බෑ! ආණ්ඩු කරගෙන යන්නත් බෑ! – මහාචාර්ය කොටපිටියේ රාහුල හිමි සජිත්ට කියයි..

October 3, 2020 at 7:09 pm | by emanisa.lk

මහ ජාතියේ අභිලාෂයක් තේරුම් නොගෙන මෙරට ආණ්ඩු බලය ගැනීමට හෝ ආණ්ඩු බලය පවත්වා ගෙන යෑමට නොහැකි බව මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනාහිමියන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමුවේ ප්‍රකාශ කොට තිබේ.

මහ ජාතියේ සිතුම් පැතුම් අවශ්‍යතා පිළිබඳව සොයා බලා ඊට විසඳුම් යෝජනා නොකොට කිසිදු පක්ෂයකට පාලන බලය ලබා ගත නොහැකි බව ද උන්වහන්සේ එහි දී සඳහන් කොට තිබේ.

උන්වහන්සේ මෙම අදහස් පළ කර තිබුණේ පෙරේදා (01) විපක්ෂනායක කාර්යාලයේ පැවති පොහෝදා දම් දෙසුම අතරතුරය.

පසුගිය පාර්ලිමේන්තු මහා මැතිවරණයේ දී ජාතික ලැයිස්තුවෙන් හැර තරග කොට ජය ගත් සමගි ජනබලවේගය මන්ත්‍රීවරුන් 47 දෙනාගෙන් 20කට ආසන්න පිරිසක් සුළු ජාතිකයන් වීම විශේෂත්වයකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස