අලුත් ව්‍යවස්ථාවෙන් උතුරට ස්වයං පාලනය දෙන්න! ව්‍යවස්ථාවට අපේ සහයත් දෙන්න සලකා බලනවා! – දෙමළ සන්ධානය

September 24, 2020 at 12:29 pm | by emanisa.lk

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් විය යුත්තේ උතුරු හා නැගෙනහිර පළාත් ඒකාබද්ධ කර එහි ජනතාවට ස්වයං තීරණ අයිතිය ලබා දෙන ආකාරයෙන් බව දෙමළ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් සඳහන් කරයි.

එසේ සකස් කරන ලද ව්‍යවස්ථා සංශෝධනයක් ඉදිරිපත් කරන්නේ නම් ආණ්ඩුවට සහාය ලබා දීමට සලකා බැලිය හැකි බව ද මන්ත්‍රීවරයා පවසයි.

ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවක් සකස් විය යුත්තේ මෙරට සියලු ජන කොටස්වල අනන්‍යතාවය රැකෙන පරිදි බවද ඔහු කියා සිටියේය.

එක්සත් ජාතික එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ සම්මත වී ඇති 30-1 යෝජනාවේ අනුග්‍රාහකත්වයෙන් ශ්‍රී ලංකාව් ඉවත් වීමට නිවේදනය කර තිබීම ඉතාම කනගාටුදායක තත්ත්වයක් බවද ඔහු තවදුරටත් පැවසීය.

එවන් තීරණයක් පිළිගත නොහැකි බවත් එවන් තීරණයක් දැනුම් දිය යුත්තේ මානව හිමිකම් කවුන්සලියට බවත් ඔහු සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස