පසුගිය මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහනුවර දිස්ත්‍රික්කයේ ජාතිවාදී පදනමකින් දේශපාලනය කළ බවට ලක්ෂමන් කිරිඇල්ල චෝදනා කරයි.
රවුෆ් හකීම් විසින් හලීම් හා වේලුකුමාර් යන සුළු ජාතික අපේක්ෂකයන් දෙදෙනා ද එකතු කරගෙන එකට මැතිවරණ ව්‍යාපාරයේ නියැලුණු බව කිරිඇල්ල මහතා පෙන්වා දෙයි.
ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයෙන් සමඟි ජන බලවේගයට හිමි වූ මන්ත්‍රී ධූර 4න් මුල ස්ථාන තුනම ඔවුන් තිදෙනාට හිමි වූ බව ද කිරිඇල්ල සඳහන් කරයි.
2019 ජනාධිපතිවරණය හා සැසදීමේදී සජිත් ප්‍රේමදාස මහතාට ලැබුණු ජන්ද සංඛ්‍යාවෙන් ජන්ද එක් ලක්ෂ අසූ හත් දහසක් මෙවර මහ මැතිවරණයේදී ජන්දය ප්‍රකාශ කොට නොතිබුන බවද පෙන්වා දෙන කිරිඇල්ල මහතා ඉන් අති බහුතරය සිංහල ජන්ද බවද පෙන්වා දෙයි.
2019 ජනාධිපතිවරණයට සාපේක්ෂව මෙවර මහ මැතිවරණයේදී පොදුජන පෙරමුණට වැඩි වී ඇත්තේ ජන්ද 5000ක පමණ ප්‍රමාණයක් බවද කිරිඇල්ල සඳහන් කරයි.