එක එක අය කියන්නේ ආණ්ඩුවේ මතය නෙමෙයි! පළාත් සභා ඡන්දේ අනිවාර්යෙන් තියනවා! – අගමැති

September 11, 2020 at 12:17 pm | by emanisa.lk

පළාත් සභා මැතිවරණය අනිවාර්යයෙන්ම පවත්වන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ දකුණු පළාත් සභාවේ හිටපු   මන්ත්‍රීවරයකු වන සෝමවංශ කෝදාගොඩට සහතිකයක් දී තිබේ.

පළාත් සභා මැතිවරණය පවත්වනවා දැයි කතරගමදී ඔහු අග්‍රාමාත්‍යවරයාගෙන් විමසා ඇති අතර ඊට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කොට ඇත්තේ පළාත් සභා මැතිවරණය අනිවාර්යයෙන්ම පවත්වන බවත් ඒ ගැන ප්‍රශ්නයක් නොමැති බවත්ය.

පළාත් සභා මැතිවරණය පිළිබඳව නොයෙක් නොයෙක් මත පළ වුණත් එය රජයේ මතය නොවන බව ද අග්‍රාමාත්‍යවරයා එහි දී ප්‍රකාශ කොට තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස