පළාත් සභාවට එරෙහි වුණැයි ඇමති සරත්ට පොහොට්ටුවෙන් විරෝධය! විනය පරීක්ෂණයක් ඉල්ලයි!

September 2, 2020 at 1:51 pm | by emanisa.lk

පළාත්සභා රාජ්‍ය ඇමති අද්මිරාල් සරත් වීරසේකර කර ඇති ප්‍රකාශයක් සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂය නියෝජනය කරන්න පළාත් සභා ක්‍රියාකාරීන් පිරිසකගේ විරෝදය එල්ල වී ඇත.

පළාත් සභා අහෝසි කළ යුතු බවට රාජ්‍ය අමාත්‍යවරයා සිදු කළ ප්‍රකාශයට විරුද්ධව ඔවුන් විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයන් වෙත පැමිණිලි කර තිබේ.

නමුත් තමන් විසින් සිදු කරන ලද පළාත් සභා අහෝසි කළ යුතුය යන ප්‍රකාශය ඉවත් කරගැනීමට විරසේකර ප්‍රතික්ෂේප කර තිබේ.

ඔහු තවදුරටත් පෙන්වා දී ඇත්තේ පළාත් සභා ක්‍රමය සුදු අලියෙක් බවත් ජනතාවට එහි බර දැරිය නොහැකි බවත්ය.

මේ අතර ඉහළ පෙළේ ආරංචි මාර්ග වාර්තා කරන්නේ ඇමති වීරසේකරගේ ප්‍රකාශය සම්බන්ධයෙන් පරීක්ෂණයක් කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් සභා ක්‍රියාකාරීන් විසින් ඉල්ලා ඇති බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස