රට කෑලි 09කට කැඩූ පළාත් සභා සුදු අලියෙක්! 13ත් එක්ක පළාත් සභා වහාම අහෝසි කර දමන්න! – පළාත් සභා ඇමතිගෙන් ආණ්ඩුවට ඓතිහාසික යෝජනාවක්…

August 24, 2020 at 11:11 pm | by emanisa.lk

13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සහ ඒ හා සම්බන්ධ පළාත් සභා ක්‍රමය වහා අහෝසි කරන්නැයි පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය ඇමැති සරත් වීරසේකර විසින් රජයට යෝජනා කර ඇත.

රජයේ ඇමතිවරයෙකු විසින් 13 වන සංශෝධනය අහෝසි කරන්නැයි කරන ලද මුල්ම යෝජනාව මෙයයි.

ඇමතිවරයා පෙන්වා දෙන්නේ පළාත් සභා ලබා ජනතාවට දරාගත නොහැකි බවත් ඒවා රටට කිසිදු සේවයක් නොවන සුදු අලි බවත්ය.

කෙසේ වෙතත් දෙමළ ජාතික සන්ධානය මේ වන විටත් ඉල්ලීම් කර ඇත්තේ 13 සංශෝධනය අහෝසි නොකරන ලෙසය. ඒ සඳහා බලපෑම් කරන ලෙස ඔවුන් ඉන්දියාවෙන් ද ඉල්ලීම් කර ඇති අතර 13 වන සංශෝධනය පූර්ණ ලෙස බලාත්මක කිරීමේ ඉන්දියානු අභිලාෂයේ කිසිදු වෙනසක් නැතැයි ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්වරයා පසුගියදා සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස