පළාත් සභාවලට 13 අඩංගු බලය දෙන්නේ නෑ! උතුරට පොලිස් ඉඩම් බලය දුන්නොත් රට ඉවරයි! – ගෝඨාගේ පළාත් පාලන රාජ්‍ය ඇමති වීරසේකර වැඩට බසී…

August 14, 2020 at 9:19 am | by emanisa.lk

උතුරු පළාත් සභාවට ඉඩම් සහ පොලිස් බලතල ලබාදීමට කිසිසේත් ඉඩ නොතබන බව නව පළාත් පාලන රාජ්‍ය ඇමති රියර් අද්මිරාල් සරත් වීරසේකර පවසයි.

රාජ්‍ය ඇමැතිවරයා ඊයේ (13) කොළඹ යූනියන් පෙදෙසේ පිහිටි පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය කාර්යාලයේදී සිය රාජකාරි කටයුතු ආරම්භ කරමින් මේ බව සඳහන් කළේය.

13 වැනි සංශෝධනය යටතේ ඉඩම් හා පොලිස් බලතල ලබා ගැනීම සඳහා ද්‍රවිඩ සන්ධානය ඉන්දීය රජයට දැඩි බලපෑම් එල්ල කර ඇත.

උතුරු පළාත් සභාවට පොලිස් බලතල දුන්නොත් පොලිස් දෙපාර්තමේන්තුව කැබලි රැසකට කැඩෙන අතර ප‍්‍රාදේශීය පොලිස්පතිවරුන් බිහිවන බවද ඇමතිවරයා කීවේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *