සිය ගම්ප්රදේශයේම රාජකාරී සිදුකරන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන්, පොලිස් අධිකාරීවරුන්, සහකාර පොලිස් අධිකාරීවරුන්, මූලස්ථාන පොලිස් පරීක්ෂකවරුන් හා පොලිස් ස්ථානාධිපතිවරුන්ට, ස්ථාන මාරු ලබාදීමට පොලිස් දෙපාර්තමේන්තුවේ අවධානය යොමුව තිබේ.
පොලිස් දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පැවසුවේ රටපුරා කි‍්‍රයාත්මක විශේෂ වැටලීම් හා මෙහෙයුම්වලට අදාළව මෙම ස්ථාන මාරුවීම් සිදුකෙරෙන බවයි.
සිය ගම්ප්රදේශවලම රාජකාරීවල නිරත වී සිටින ඇතැම් පොලිස් නිලධාරීන් විසින් විවිධ වැටලීම් සිදුකිරීමේදී වෙනත් පාර්ශ්ව වෙත එම වැටලීම් සම්බන්ධයෙන් තොරතුරු ලබාදීම වැළැක්වීමේ අරමුණින් මෙම තීරණය ගෙන තිබේ.
ඇතැම් මෙහෙයුම් සහ අත්අඩංගුවට ගැනීම් සිදුකිරීමට පෙර ඇතැම් පොලිස් නිලධාරීන් විසින්ම සැකකරුවන් වෙත පූර්ව දැනුම්වත් කිරීම් සිදුකරන බව මේ වනවිට අනාවරණ වී ඇත.
එවැනි තත්ත්වයන් මගහරවා ගැනීමට හා හදිසි වැටලීම් හා මෙහෙයුම් තවදුරටත් විධිමත් කිරීමේ අරමුණින්, එලෙස ස්ථානමාරු සිදුකිරීමට තීරණය කර ඇති බව පොලිස් දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
මෙම ස්ථාන මාරුවීම් පළමුව බස්නාහිර පළාත තුළ ද සිදුකිරීමට නියමිතය. මේ සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිසමේ ද වැඩි අවධානයක් යොමුව ඇති බව වැඩිදුරටත් වාර්තා වෙයි.