ඉදිරියේදී බස්රථ ආනයනය නවතා චැසි සහ එන්ජින් කොටස් පමණක් ආනයනය කර ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අවශ්‍ය සියලු බස් රථ මෙරටදී එකලස් කිරීමට කටයුතු කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසයි.
ඒකල පිහිටි ලක්දිව ඉන්ජිනේරු ආයතනයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමින් ඊයේ (18) රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
අනතුරට පත් වූ බස් රථයක් සම්පූර්ණයෙන් අලුත්වැඩියා කර ඇති ආකාරය ඡායාරූප සමග මාධ්‍ය වෙත පෙන්වූ අමාත්‍යවරයා සඳහන් කළේ බස් රථයක් නිෂ්පාදයන කිරීමට ලක්දිව ඉන්ජිනේරු ආයතනයේ සේවකයින්ට ගත වන්නේ මාස 3ක් හෝ 4ක් වැන කාලයක් බවය.
පෞද්ගලික අංශයට ද මෙම අවස්ථාව ලබා දෙන බවත් ඔවුන් නිෂ්පාදනය කරන බස් රථ මිලයට ගැනීමට තමන් සූදානම් බවත් ඇමතිවරයා පෙන්වා දුන්නේය.