මීළඟ මෝසම් වර්ෂාවේදී කොළඹ නගරය ජලයෙන් යටවීම වළක්වා ගැනීම සඳහා කඩිනම් වැඩපිළිවෙලක් කි‍්‍රයාත්මක කර ඇති බව ශී‍්‍ර ලංකා ඉඩම් ගොඩ කිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව පවසයි.
එහි සභාපති විශ‍්‍රාමික මේජර් ජෙනරාල් එම්. ආර්. ඩබ්ලිව්. ද සොයිසා සිටියේ කොළඹ ජල ගැලීම් වැළැක්වීම සඳහා විශේෂ ව්‍යාපෘති 05 ක් මේ වනවිට කි‍්‍රයාත්මක බවය.
“කොළඹ ජල ගැලීම් වැළැක්වීම සඳහා මෝදර උමං මාර්ගය සහ ටොරින්ටන් සිට තුම්මුල්ල හරහා ඩික්මන් පාර, ගාලුපාර සිට මුහුදට වැසි ජලය ගලා යන උමං මාර්ගය සකස් කරනවා. එම උමං මාර්ගයට තවත් කුඩා උමං මාර්ග දෙකක් සැලසුම් කරලා තියෙනවා.”