කොළඹ ගං වතුර පාලනය කළේ ලෝක බැංකුව! ඉතිරි ඔක්කොම වැඩ කළේ මං! ගෝඨා ලකුණු දාගත්තා විතරයි! – පාඨලී

July 21, 2020 at 4:45 pm | by emanisa.lk

කොළඹ නගරයේ ගං වතුර පාලනය කළේ ගෝඨාභය රාජපක්ෂගේ සැලසුම් නොව ලෝක බැංකුවේ සැලසුම් බව හිටපු අමාත්‍ය පාඨලී චම්පක පවසයි.

වසර 150ක් පැරණි කොළඹ මළ අපවාහන පද්ධතිය, ජල නල පද්ධතිය හෝ වැසි ජල උමං පද්ධතිය සැකසීමට ගෝඨාභය රාජපක්ෂ එදා අතනොගැසූ බවත් පාඨලි පවසයි.

ගෝඨාභය රාජපක්ෂ කළේ පාරවල් ගල් ඇල්ලීම, තණකොළ වැවීම සහ කුණු ටික එකතු කර මීතොටමුල්ලේ ගොඩගැසීම පමණක් බවත් අනතුරුව කොළඹ ලස්සන කළේ යැයි පාරම් බෑ බවත් පවසයි.

කොළඹ සියලු බරපතළ වැඩ භාරගත්තේ තමා බව සඳහන් කළ පාඨලී රණවක මේ වන විටත් අලුත් උමං මාර්ග හැදෙමින් පවතින බවත් අනාවරණය කළේය.

සිය දිස්ත්‍රික්කයට වතුර ගැනීම සඳහා වූ ආත්මාර්ථකාමී උවමනාවෙන් උමා ඔය පමණක් මහින්ද රාජපක්ෂ කළ බවත් එහි හිලක් මතු වී ගෙවල් ගිලා බැස්ස බවත් ඔහු සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස