සජිත් ඉතිරි සිංහල ඡන්ද ටිකත් නැති කරගන්නවා! සජිත්ගේ කඩු කතාවට සිය පක්ෂයෙන්ම විරෝධය!

August 22, 2020 at 10:24 am | by emanisa.lk

පෙරේදා (20) වැනිදා 09 වැනි පාර්ලිමේන්තුවේ මංගල සැසියේ දී කරන කතාවේ අන්තර්ගතය පිළිබඳ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස තමන් ඊට පෙර දින (19) දැනුම්වත් කළද එය ඉංග්‍රීසි භාෂාවෙන් කරන බවට දැනුම්වත් කිරීමක් නොකළ බවට එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෝ ප්‍රකාශ කරති.

මංගල සැසියේ නව කතානායකවරයාට සුබ පැතීම සඳහා සජිත් ප්‍රේමදාස බර ඉංග්‍රීසි වචන උච්චාරණය කරමින් කළ කතාව එම පක්ෂයේම බොහෝ දෙනෙකුගේ විවේචනයට ලක්ව තිබේ.

පසුගිය මහා මැතිවරණයේදී සමගි ජන බලවේගයේ ඡන්ද පදනම තුළ සුළුතර ජාතින්ගේ නැගුන සහය වඩාත් කැපී පෙනුනු අතර බහුතර සිංහල ඡන්දවල කඩා වැටීමක් පෙන්නුම් කළේය.

එවන් පසුබිමක් තුළ රූපවාහිනීයෙන් සජිවීව රටටම විකාශය කළ මෙම වැදගත් අවස්ථාවේ දී සජිත් ප්‍රේමදාස සිය කතාව ඉංග්‍රීසියෙන් කිරීම මත සිංහල ජාතිකත්ව ඡන්ද පදනම තවදුරටත් පක්ෂයෙන් ඈත්වීමට හේතු වන බව චෝදනා කරන්නන්ගේ මතය වේ.

සජිත් ප්‍රේමදාස එම කතාවෙන් සුළු වේලාවකට පසු පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා ලෙස තමන් පිළිගන්නා බව නව කතානායකවරයා විසින් ප්‍රකාශයට පත් කරන ලදී.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස