ශ්‍රී ලංකාවේ නව වැනි පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන තෝරාපත් කර ගනු ලැබිණි.
ඔහුගේ නම ඇමති දිනේෂ් ගුණවර්ධන යෝජනා කළ අතර සමගි ජනබලවේගයේ ප්‍රධාන සංවිධායක රංජිත් මද්දුමබණ්ඩාර ස්ථිර කළේය.
නව පාර්ලිමේන්තුවෙි සභානායක ලෙස ඇමති දිනේෂ් ගුණවර්ධන ද ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස ජොන්ස්ටන් ප්‍රනාන්දු ද තෝරා පත් කර ගැනිණි.
ඒ අද (20) උදෑසන 9.30ට න්‍යාය පත්රානුකූලව පාර්ලිමේන්තුවේ සමාරම්භක රැස්වීම ආරම්භ කිරීමෙන් අනතුරුවයි.