මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්ව සිටින කළුතර දිස්ත්රික් එජාප අපේක්ෂක පාලිත තෙවරප්පෙරුම විසින් මැතිවරණ නීති උල්ලංඝනය කරමින් රථ පෙලපාලියක් පවත්වා තිබේ.
පොලීසිය මැදිහත් වී එය නැවැත්වීමත් සමඟ උණුසුම්කාරී තත්ත්වයක් ඇති විය.
මනාප අංකයන් සහ පක්ෂ ලකුණු ප්රවර්ධනය වන ලෙසින් ඔහු විසින් මෙම රථ පෙළපාලිය පවත්වා තිබූ අතර මෙය නැවැත්වීම සඳහා විශාල පොලිස් පිරිසක් රැස්ව සිටි ආකාරයද දැක ගැනීමට හැකිවිය.
ඒ අවස්ථාවේ පාලිත තෙවරප්පෙරුම ඔහුගේ වාහනයක් මතට නැග විරෝධයද පළ කළේ පොලිස් රාජකාරියට බාධා කරමින් පොලිස් නිලධාරීන්ට පරුෂ වචනයෙන් බැන වදිමිනි.
https://www.facebook.com/206423889493718/posts/1944508209018602/