පොහොට්ටුවේ මාධ්‍ය ප්‍රකාශක තනතුරක් විතරයි! ප්‍රකාශ නිකුත් කරන්න තහනම්! අපේ අය කට ඇරියොත් ලෙඩක්! – බැසිල්

July 24, 2020 at 5:17 pm | by emanisa.lk

තුනෙන් දෙකේ බලය ලැබුණත් නැතත් මේ රටේ පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාවාරම් සහමුලින්ම විනාශ කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ පවසයි.

සිය පක්ෂයේ අපේක්ෂකයන් ප්‍රකාශ නිකුත් නොකරන තරමට හොඳ බව සඳහන් කළ බැසිල් රාජපක්ෂ සංජිව එදිරිමාන්නට දුන් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක තනතුර පිළිබඳව ද සිහිපත් කළේය.

“පක්ෂයේ ප්‍රකාශක විදියට විතරයි එයත් ඉන්නේ. එතුමා ප්‍රකාශක වුණාට ප්‍රකාශ කරනවා ඇහිලා නෑහැනේ ඔයාලට කවදාවක්වත්. එයාට ඒක දුන්නේ ඒක ගන්න කොටම කිව්වා ඔයාට කරන එකම ඉල්ලිම මෙච්චරයි ඔයා පක්ෂයේ ප්‍රකාශක වෙන්න. හැබැයි ප්‍රකාශ කරන්න බෑ කියලා. මොකද ප්‍රකාශ කරොත් ඉවරයි. මොකක්හරි ලෙඩක්.”

ඊයේ (23) ගාල්ල ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස