ශ්රී ලංකා පොදුජන පෙරමුණ 2/3ක බලයක් ලබාගතහොත් තමන් කෙස් පිටින් මහණ වන බව සමගි ජන බලවේගයේ ගාලු දිස්ත්රික් අපේක්ෂක බන්දුල ලාල් බණ්ඩාරිගොඩ පවසයි.
මෛත්රීපාල සිරිසේනට කරන කෙණහිලිකම් දකින විට අගෝස්තු 05 වෙනිදා වන විට පොහොට්ටුවේ පෙති ටික හැලී නැට්ට පමණක් ඉතිරි වේ යැයි තමන්ට සිතෙන බව ද ඔහු සඳහන් කළේය.
සමගි ජනබලවේග ජනහමුවක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.