සිරස ෆේල්! සිරසට නායකයෝ හදන්න බෑ! සිරස දැන්වත් පැත්තකට වෙන්න ඕන! – ආශු මාරසිංහ

December 16, 2019 at 7:52 am | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂය පාලනය කිරීමට හෝ එක්සත් ජාතික පක්ෂය බිඳ දැමීමට සිරස නාළිකාවට නොහැකි බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ පවසයි.

සිරසට නායකයන් හැදිය නොහැකි බව දැන්වත් පිිළිගත යුතු බවත් එය අවබෝධ කරගෙන දැන්වත් පැත්තකට විය යුතු බවත් හෙතෙම පවසයි.

පසුගිය ජනාධිපතිවරණයේ දී සිරස අසාර්ථක වූ බවත් සෙසු පෞද්ගලික නාළිකා සාර්ථක වූ බවත් ඔවුන් තමන්ට උවමනා නායකයෙක් පත්කර ගත් බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

මෙම හමුව සඳහා ගයන්ත කරුණාතිලක සහ බන්දුල ලාල් බණ්ඩාරිගොඩ සහභාගී නොවූ බව ද මාරසිංහ පැවසුවේය. ඔවුන් සජිත් පාර්ශවය නියෝජනය කරයි.

පසුගියදා ගාල්ලේ පැවති එජාප උත්සවයක් සඳහා පැමිණියේ එජාප පාක්ෂිකයන් නොවන බවට සිරස සිදුකළ ප්‍රකාශයක් පිළිබඳ මාධ්‍ය හමුවක දී ඊයේ (15) අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස