පසුගිය ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස කතෝලික ඡන්ද අහිමි වීම නිසා පරාජය වූයේ යැයි පැවසීම විහිළුවක් බව එක්සත් ජාතික පක්ෂ උප නායක රවී කරුණානායක පවසයි.
ලංකාවෙි සමස්ත කතෝලික ජනගහනය ලක්ෂ 10ක් බව පෙන්වා දුන් රවී කරුණානායක එම ලක්ෂ 10 ගෝඨාභය රාජපක්ෂට ඡන්දය ලබා දුන්නේ යැයි උපකල්පනය කළහොත් සජිත් ප්‍රේමදාස පරාජය විය යුත්තේ ඡන්ද ලක්ෂ 10කින් බව ද කීවේය.
එහෙත් ඔහු ජනාධිපතිවරණය ඡන්ද ලක්ෂ 15කින් පරාජය වූ බවත් ඔහුට අහිමි වූයේ කතෝලික ඡන්ද පමණ නම් එසේ දැවැන්ත පරාජයක් අත්වූයේ කෙසේදැයි තමා ප්‍රශ්න කරන බවත් රවී කරුණානායක ප්‍රකාශ කළේය.