විදෙස් රටවල සිට ලංකාවට පැමිණෙන ලාංකිකයන් සඳහා අවශ්‍ය නම් තරු පහේ හොටෙල්වල සිය නිරෝධායන කාලය ගත කිරීමට අවස්ථාව ලබා දීමට කටයුතු යොදා තිබේ.
ඒ විදෙස්ගත ලාංකකයන්ගේ ඉල්ලීම අනුවය. මේ සඳහා යුද හමුදාවේ අධීක්ෂණය යටතේ Jetwing Blue සහ Citrus Waskaduwa යන හොටෙල් පළමු අදියරේ දී තෝරාගෙන ඇති බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පවසයි.
මෙම හෝටලයක සියලු පහසුකම් සහිතව දිනක් සඳහා එක් අයකුගේ ගාස්තුව රු. 7500කි.