ඇවන්ගාර්ඩ් සේනාධිපතිට ඇප! විත්තිකරුවන් 5 සියලු චෝදනාවලින් නිදොස්! චෝදනා 7554කටම පදනමක් නෑ!

January 17, 2020 at 5:03 pm | by emanisa.lk

ශ්‍රී ලංකාව අවට මුහුදේ පාවෙන අවි ගබඩාවක් පවත්වගෙන යාම ඇතුළු චෝදනා 7573ක් යටතේ නීතිපතිවරයා විසින් ඇවන්ට්ගාඩ් සමාගමේ හිටපු සභාපති නිශ්ශංක සේනාධිපති ඇතුළු විත්තිකරුවන් 13දෙනෙකුට එරෙහි නඩුවට ඉදිරිපත් වූ මූලික විරෝධතාවක් සැලකිල්ලට ගනිමින් එම නඩුවේ චෝදනා 19ක් හැර සෙසු චෝදනා පවත්වා ගෙන යාමට නොහැකි බවට ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල තීරණය කළේය.

ඒ අනුව එම නඩුවෙන් චෝදනා ලැබ සිටි රක්නා ලංකා සමාගම, ඇවන්ට්ගාඩ් සමාගම, පාලිත ප්‍රනාන්දු, එගොඩවෙල, සුජාතා දමයන්ති ජයරත්න නමැති විත්තිවරුන් 5දෙනා සියලුම චෝදනාවලින් නිදහස් කළ විනිසුරු මඬුල්ල සෙසු විත්තිකරුවන් 8 දෙනාට එරෙහි නඩුව පෙබරවාරි 10 වැනිදා සිට විභාග කිරීමට තීරණය කළේය.

එමෙන්ම මෙම සිද්ධියවට අචදාළ මාස තුන හමාරක කාලයක් රිමාන්ඩ් භාරයේ පසු වූ ඇවන්ට්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති රුපියල් ලක්ෂ 5 මුදල් හා රුපියල් ලක්ෂ 25 බැගින් වටිනා ඇපකරුවන් දෙදෙනෙකුගේ ශරීර ඇප මත මුදාහැරීමට නියම කළේය.

මෙලෙස නියම කරන ලද්දේ ධම්මික ගනේපොළ, සභාපති මංජුල තිලකරත්න සහ ආදිත්‍ය පටබැඳිගේ යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් විසිනි.

මෙම නඩුව දේශපාලන පළිගැනීමක් බවට හිටපු සොලිසෙටර් ජනරාල් දිල්රුක්ෂි ඩයස් සිදුකළ පාපෝච්චාරණයක් නිසා ඇයට සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට ද සිදුවිය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස