ජනපති ලේකම් කාර්යාලයට යැවූ ත්‍යාග හරවා යැවේ! පුදුමට පත් ව්‍යාපාරිකයෝ ජනපතිට ස්තූති කරති!

January 6, 2020 at 1:04 pm | by emanisa.lk

2020 නව වසර වෙනුවෙන් මෙරට ප්‍රධානතම පෙලේ ව්‍යාපාරිකයන් ජනාධිපති කාර්යාලය වෙත යවන ලද ‘හැම්පර්’ (චොක්ලට් බිස්කට් ආදී ආහාර වර්ග පිරවූ බඳුන්) කිහිපයක්ම එම ව්‍යාපාරිකයන් පවා පුදුමයට පත් කරමින් හරවා යවා ඇතැයි වාර්තා වෙයි.

මෙතෙක් සියලු ජනාධිපතිවරුන් යටතේ ජනාධිපති කාර්යාලට නව වසරටත්, සිංහල අලුත් අවුරුද්දටත් සුබ පතමින් හැම්පර් යැවීම මෙම ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන් විසින් සිරිත් පරිදි කරන ලද්දකි.

නමුත් මෙවර 2020 නව වසර වෙනුවෙන් යවන ලද හැම්පර් නැවත හරවා එවීම ගැන ඔවුන් පුදුමයට පත්ව ඇතත් එම කටයුත්ත අගය කරන බවද පවසා ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස