රටේ පොදු ස්ථානවල හිඟමනේ යෙදීමට කැමැත්ත අකමැත්ත විමසා ෆේස්බුක් සමාජමාධ්‍ය ආශ්‍රිතව සිදුකළ ජනමත විමසුමක දී විශාල පිරිසක් එය තහනම් කළ යුතු බව පවසා තිබේ.
මෙහිදී අදහස් දැක්වූ පිරිස අතරින් 97%ක්ම පොදු ස්ථානල හිඟමනේ යෙදීම තහනම් කිරීමට කැමැත්ත පළ කර තිබේ.
කෙසේ වුවද ජනමත විමසුමට එක් වූ 3%ක පිරිසක් පොදු ස්ථානවල හිඟමනේ යෙදීම සඳහා ඉඩ ලබා දිය යුතු බව සඳහන් කර තිබේ.
එළිය ජාතික සංවිධාන ෆේස්බුක් පිටුව මගින් මෙම සමීක්ෂණය සිදුකර තිබේ.
ජනතා විමුක්ති පෙරමුණේ සමස්ත ඡන්ද ප්‍රතිශතය සහ මෙම සමීක්ෂණයේ ඡන්ද ප්‍රතිශතය සමාන වීම විශේෂත්වයක් බවට සමාජ මාධ්‍යවල අදහස් පළ වී තිබේ.