ආණ්ඩුවෙන් ඉවත්වූ මුස්ලිම් අමාත්‍යවරුන්ට යළිත් අමාත්‍යධුර භාර ගන්නා ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් අග්‍රාමාත්‍ය රලින් වික්‍රමසිංහ මහතා සඳහන් කළ බවත් ඉවත් වූ මුස්ලිම් අමාත්‍යවරුන්ට යළි අමාත්‍යධුර භාර ගැනීමට හදිස්සියක් නොමැති බවත් හිටපු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතා පැවැසීය.
ඊයේ (02දා) පොලිස් සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය හමුවේ ප්‍රකාශයක් ලබාදීමෙන් පසුව මාධ්‍ය අමතමින් ඔහු වැඩි දුරටත් මෙසේ පැවැසීය.
“අපි අමාත්‍යධුරවලින් ඉවත්වුණේ රටේ එක්සත්භාවය වෙනුවෙන්. අපිට අමාත්‍යධුර යළි භාර ගැනීමට හදිස්සියක් නෑ. ජනති හා අගමැති යළිත් අමාත්‍යධුර භාර ගන්නා ලෙස සඳහන් කළා.
ජනපතිත් අගමැතිත් දන්නවා අපි (මුස්ලිම් ඇමතිවරු) අපි වරදක් කළේ නෑ කියලා. ඒ වගේම අපේ නිර්දෝශීභාවය ගැන මුළු රටම දන්නවා.”