90%ක් ඡන්ද ජාතික ජන බලවේගයටයි…! – අනුර…

October 23, 2023 at 9:12 am | by emanisa.lk

විශ්‍රාමික යුධ හමුදා පවුල් දාහතර දහසකින් සියයට අනූවක ඡන්දය ජාතික ජන බපවේගයට හිමිවන බව බුද්ධි අංශ වාර්තාවකින් හෙළි වී ඇති බව ජාතික ජන බලවේගය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක සඳහන් කරයි.

බුද්ධි අංශ සාමාජිකයකු විසින් තමන්ට මේ බව දැනුම් දුන් බවත් ඊට අදාළ කෙටි පණිවිඩය ද මේ වන විට තමන් සතුව ඇති බවත් ඔහු හෙළි කළේය.

සමාජජාල වාරණයකට සූදානම් වෙමින් ධනය රැස්කරමින් පාලකයන් ඊළඟ ජනාධිපතිවරණට සූදානම් වන නමුත් ජාතික ජන බලවේගයට ඇත්තේ ජනතාවගේ මතය එක්රැස් කිරීම පමණක් බවත් එය මේ වන විට සිදු කරමින් සිටින බවත් ඔහු එහිදී කියා සිටියේය.

අනුර දිසානායක මේ බව කියා සිටියේ ජාතික ජනබලවේග සම්මන්ත්‍රණයක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *