500ක් අතරින් මරන්න 4 දෙනෙක් තෝරගත්තේ කොහොමද? – ජනාධිපති නීතිඥ යු. ආර්. ද සිල්වා

July 1, 2019 at 4:12 pm | by emanisa.lk

මරණ දඬුවම නියම වූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 04 දෙනෙකුට එම දඬුවම ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා ගෙන ඇති තීරණය මේ වනවිට රටපුරා ප්‍රබල සංවාදයක් ඇතිකර තිබේ.

එහෙත් මරණ දඬුවම නියම වූ බොහෝ පිරිසකගෙන් එම දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා මෙලෙස 04 දෙනෙකු තෝරාගත්තේ කෙසේදැයි ජනාධිපති නීතිඥ යු. ආර්. ද සිල්වා ප්‍රශ්න කරයි. මෙහි කාර්ය පටිපාටියේ දෝෂයක් පවතින බව ඔහු පැවසිය.

“2018 වසරේ සංඛ්‍යාලේඛන අනුව 1299ක් මරණීය දණ්ඩනය සඳහා නියම වෙලා තියෙනවා. නමුත් මරණ දඬුවමට අභියාචනයන්ගෙන් පසුව නියම වෙලා ඉන්නේ 459 දෙනයි. කාන්තා 05 දෙනයි, විදේශිකයින් 06 දෙනයි. මේ අයගෙන් එතුමා කොහොමද 04 දෙනෙක් තෝරන්නේ…”

ජනාධිපතිවරයාට මරණ දඬුවම ලබා දීම සඳහා 20 දෙනෙකුගේ නම් ලැයිස්තුවක් යොමු කර ඇති අතර එහි මුස්ලිම් සහ දෙමළ ජාතිකයන් 8 දෙනා බැගින් ද සිංහල ජාතිකයන් 04 දෙනෙක් ද ඇතැයි වාර්තා වෙයි.

කෙසේ වුවද ජනාධිපතිවරයා අත්සන් කර ඇති හතර දෙනාගෙන් දෙදෙනෙකු සිංහල බව ද මුස්ලිම්  සහ දෙමළ එක් අයකු බැගින් ද ඇතැයි නිල නොළත් වාර්තා පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස